November 10, 2021 at 2:21 am | lankacgossip
යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් ප්රදේශයේදී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
පරන්තන් මංසන්ධියේදී ඒ- 9 ප්රධාන මාර්ගයේ පසෙක ලොරි රථයක් නවතා තිබී ඇති අවස්ථාවේදී අධික වේගයකින් පැමිණි යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයිද එහිදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනාම මියගොස් ඇතිබව මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
පැවති වර්ෂාව හේතුවෙන් යතුරුපැදියේ වේගය පාලනයකරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයිද පොලීසිය සැකපලකර සිටියි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පරන්තන් ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි යූ.මහෙන්ද්රරාසා සහ 34 හැවිරිදි සවුන්දානන්දන් කාන්දීපන් නැමති තරුණයින් වන අතර ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට අතැයිද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
76 views