November 9, 2021 at 3:00 pm | lankacgossip
පාසල් තුළ පාලනය කළ නොහැකි මට්ටමින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වුවහොත් එම පාසල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
නමුත් මේ හේතුවෙන් මවුපියන් අනිසි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
අද වන විට මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම දී දුර්වල බවත් එනිසා ආසාධිතයන් ඉහළ යමින් ඇති බවත් පවසන ඔහු ඉදිරියට 4වන රැල්ල දක්වා පරිවර්තනයක වීමේ ඉඩක් ඇති බවද කියා සිටී.
එනිසා නැවත වරක් කරා ව්‍යසනයක් ඇති කරගෙන රට වසා දමා අධ්‍යාපනය වසා දමනවා දැයි තීරණය කිරීම ජනතාව අතේ ඇති බවද ඒ මහතා සදහන් කරයි.
නමුත් ජනතාව දැනට හැසිරෙන ආකාරයෙන් පාලනයකින් තොරව කටයුතු කළහොත් නැවතත් හතර වන රැුල්ලක ආනිසංස විඳීමට සිදුවන බව ඉතාම පැහැදිලිව බවද ඔහු පැවසීය.
ඕනෑම අවස්ථාවක පාසල් තුළ අවදානමක් ඇති වූවොත් එම පාසල් වසා දැමීමට ජනාධිපති තුමාගේ ද අවධානය යොමුව ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
709 views