November 9, 2021 at 12:00 pm | lankacgossip
සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.
කොළඹ විශ්ව විදයාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන එම මහතා 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබා දෙන ලදි.
ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.
දිලන්ත විතානගේ මහතා ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා ” සැමට උපාධියක්” තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි
O/L වලින් පසු අවුරුදු 03කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු තව දුරටත් පැවසීය.
අන්තර්ජාල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.
480 views