Sinhala

lankacgossip | ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…


November 9, 2021 at 4:40 pm | lankacgossip

ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවද ඒ සඳහා නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැතැයි ද ඔහු චෝදනා කළේය.

පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඒ මහතා සඳහන් කළේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම තත්ත්වය මත ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට පක්ෂය පත් කරවන බවද පැවසූ ඔහු ඒ සඳහා නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනට කලබලයක් හදිසියක් නැති බවත් සඳහන් කළේය.

842 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Rohan

lankacgossip | නොරොච්චෝල යලි බිද වැටේ…

Rohan

lankacgossip | මුළු රටම බංකොලොත් කර හිතවතුනට ඩොලර් මිලියන 500ක් ගෙවලා.. ඒ අයගේ නම් හෙලි කරන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy