Sinhala

lankacgossip | අවමගුල් ගෙදරක ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්…


November 9, 2021 at 8:02 am | lankacgossip

අවමගුල් ගෙදරක ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්…

යාපනය කොකුවිල් බටහිර කේනිඅඩි ප්‍රදේශයේ අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි තරුණයෙකුට 07 දින කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කේනිඅඩි ප්‍රදේශයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි එම ප්‍රදේශයේම පදිංචි උදයකුමාර් රදීපන් නැමති තරුණයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර එම තරුණයා අවමගුල් ස්ථානයේ මාර්ගයේ කොඩිවැල් ඇදමින් සිටියදී මුහුණු ආවරනය කරගත් තිදෙනෙකු තියුණු ආයුධ සමගින් යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී පරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා අවමගුල් ස්ථානයේ සිටි පිරිස් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට පොලීසියට දැනුම් දී ඇති අතර යාපනය පොලිසිය විසින් අදාල පහරදීම සිදුකල පිරිස් සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

769 views



Source link

Related posts

lankacgossip | දැවැන්ත වන අලියෙකුට විදුලිසැර වද්දවා මැරූ කාන්තාවක් අත්අඩංගුවට…

Rohan

lankacgossip | අනුමැතියක් නැතිව වසා දැමූ ගුවන්තොටුපලේ PCR පරීක්ෂණාගාරය විවෘත කෙරේ…

Rohan

lankacgossip | රාජපක්‍ෂ පවුල ඉල්ලා අස්වීමෙන් තොර සාකච්චා පලක් නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy