November 9, 2021 at 12:02 am | lankacgossip
එක රටක් එක නීතියක් රට ස්ථාපිත කිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදීම තුළින් උන්වහන්සේ ශික්ෂාකාමී භික්ෂුවක් ලෙස ජනාධිපතිවරයා විසින් පැවිදි කරවා ඇති බව සමගි ජන බලවේග පාර්ලමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයාට බෞද්ධ ජනතාව විසින් පිං අනුමෝදන් කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
කොලඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මෙම අදහස් පල කලේය.
ආණ්ඩුවේ පිරිස් සමගි ජන බලවේගයේ අර්බුදය පිළිබදව ඇතැම් අවස්ථාවලදී තමන් සමග කතා කරන බවත් ඉදිරියේදී 2022 සදහා ගෙන ඒමට නියමිත අයවැය යෝජනාවේදී ආණ්ඩුවට තවත් පිරිසකගේ සහය අවශ්‍ය වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයේ අර්බුදය පිළිබඳව තමන් මාධ්‍ය ඉදිරියේ කතා කළ පසු සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය ද තමන් සමඟ මේ පිළිබඳව කතා කළ බවය.
261 views