Sinhala

lankacgossip | කොරෝනා මැද තරගාවලි පැවැත්වීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා..


November 8, 2021 at 7:05 pm | lankacgossip

කොරෝනා මැද තරගාවලි පැවැත්වීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා..

‘කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර වුවද ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මෙවැනි තරගාවලි හරහා මාවත විවර වෙනවා’ යයි තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මාලදිවයින් අතිගරු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා (Hon. Ibrahim Mohamed Solih) පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා අද (08) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී මේ බව පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගීවීමට මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා සහ මාලදිවයින් ක්‍රීඩා අමාත්‍ය අහමඩ් මහලූෆ් මහතා (Mr.Ahamed Mahloof) ද අද මෙරටට පැමිණියහ.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපේ රටේ ක්‍රීඩාංගණ ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට සුදුසු බව පෙන්වීමට මෙම තරගාවලිය ඉතාමත් හොද අවස්ථාවක්.

‘‘අපේ ක්‍රීඩාංගණ, අපේ යටිතල පහසුකම් ජාත්‍යන්තර තරගවලට භාවිතා කිරීමට සුදුසුයි කියන පණිවිඩයත්, එන්නත්කරණය අවසන්වීමත් සමගම කොවිඩි 19 වසංගත කාල සීමාවෙන් පසු හා වසංගත තත්ත්වය අතරතුර ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මාවත විවර වෙනවා කියන පණිවිඩයත් මෙමගින් ලබා දෙන්න අපට පුලුවන් වුණා.

මාලදිවයින කියන්නේ අපේ අසල්වාසී රටක්. ඒ වගේම අපේ රටේ ජනතාව සමග ඉතාමත් සමීප සබදතා පවත්වමින් සහයෝගයෙන් ජීවත් වෙන රටක්.

රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක මාලදිවයින් පාපන්දු ක්‍රීඩාව ඉතාමත් හොද ස්ථානයක තිබෙනවා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පිළිගෙන මාලදිවයින් ජනාධිපතිතුමා මෙහි සමාරම්භක උත්සවයට සම්බන්ධවීමට පැමිණිම පිළිබදව අපි සතුටු වෙනවා”යැයි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරුන්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

312 views



Source link

Related posts

lankacgossip | නඩුවලින් නිදොස්කොට නිදහස් වූ වූවන්ට සහන සැලසීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට…

Rohan

lankacgossip | නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

Rohan

lankacgossip | මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy