Sinhala

lankacgossip | කොරෝනා භයානක 4 වන රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් සූදානමක…


November 8, 2021 at 10:00 am | lankacgossip

කොරෝනා භයානක 4 වන රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් සූදානමක…

දෙසැම්බර් මාසය වන විට කොරෝනා 4 වන රැල්ලක් භයානක ලෙස මතුවනු ඇතැයි බටහිර රටවල් අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

මෙරට ද ජනතාව හැසිරෙන්නේ කොරෝනා නොතිබූ රටක් ලෙස බවද පැවසූ ඔහු ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් නැවතත් කොරෝනා භයානක රැල්ලක් ඇතිවිය හැකි බවද පැවසීය.

විශෙෂයෙන්ම මුව ආවරණ අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරනු මෑත කාලයේ නිරීක්ෂණය වූ බවයි.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු කියා සිටියේය.

87 views



Source link

Related posts

lankacgossip | මෙරට LNG ඒකාධිකාරය කිසිදු විදේශීය රටකට ලබා දිය යුතු නෑ..

Rohan

lankacgossip | හෙරොයින් මත්කුඩු සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…

Rohan

lankacgossip | නව බලශක්ති ඇමති ෂොහාන් සේමසිංහට සුබ පැතුම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy