Sinhala

lankacgossip | වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…


October 31, 2021 at 8:02 am | lankacgossip

වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…

හැටන් නගරයේ වෙලදසැල් තුනක් (28) දින අලුයම බිද ඇතුලු වු පුද්ගලයෙකු එම වෙලදසැල් වල තිබු මුදල් සහ ජංගම දුරකථන සොරාගෙන ඇති අතර,එම සැකකරුව අල්ලා පොලිසියට භාර දිමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත.

හැටන් නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් , නිමි ඇදුම් වෙලදසැලක් සහ ජංගම දුරකථන අලෙවිසැලක් තුලට සැකකරු එම වෙලදසැල්වල දොරගුළු කඩා (28) දින අලුයම 2 සිට අලුයම 4.30 දක්වා වෙලදසැල් තුලට ඇතුල් වි එම වෙලදසැල් වල තිබු මුදල් සොරාගෙන ඇත.

හැටන් නගරයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරින් සැකකරු වෙලදසැලකට ඇතුල් වි ඇති බව දැක ඒ පිලිබදව වෙලදසැලේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු එම වෙලදසැල් වල සේවකයන් එක් වි පලා යන සැකකරු හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව අල්ලා පොලිසිය වෙත භාර දි ඇත.

සැකකරු කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එළඹෙන දිපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු හොදින් සිදු වන නිසා වෙලදසැල් වල තිබෙන මුදල් සොරගැනිමේ අරමුණින් හැටන් නගරයට (27) දින සැකකරු පැමිණ ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් දැනට කරන ලද මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

77 views



Source link

Related posts

lankacgossip | මාතර 2019 මරණ 5669යි.. 2020දී 5204යි.. එනිසා කොරෝනා නිසා මරණ වැඩි වී නෑ.. කොරෝනාවලට බයවෙන්න දෙයක් නෑ..

Rohan

lankacgossip | සුපිරි වෙලදසැල්වල දර විකුණති..

Rohan

lankacgossip | කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy