Sinhala

lankacgossip | මුදල් ගෙවා පොහොර තොගය බාරගන්නවා.. වෙන කලහැකි කිසිවක් නෑ..


October 31, 2021 at 10:00 am | lankacgossip

මුදල් ගෙවා පොහොර තොගය බාරගන්නවා.. වෙන කලහැකි කිසිවක් නෑ..- මහජන බැංකුවෙන් කියයි…

චීනයෙන් ආනයනය කර ඇති පොහොර තොගය සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

එසේ ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 09ක් වන බවත් මෙම තත්ත්වය ඇති වීමට රජයේ පොහොර සමාගමේ අඩුපාඩු බලපෑ බවත් පැවසූ ඔහු මේ සදහා කවුරු උපදෙස් දුන්නා දැයි නොදන්නා බවත් කියා සිටියේය.

පොහොර සාම්පලවල පරීක්ෂණ වාර්තා එන්න පෙර ණයවර ලිපි විවෘත කර ඇති බවත් දැන් කළ හැකි කිසිම දෙයක් නැති බවත් ඔහු කියා සිටියි.

අධිකරණ නියෝගය නොවේ නම් දැනටමත් මුදල් ගෙවීමට සිදුවනු ඇති බවත් අධිකරණය වාරණ නියෝගය දිගු කලක් නොතිබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

මෙම සිදුවීමේදී මහ බැංකුව කිසිදු වරදක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

758 views



Source link

Related posts

lankacgossip | පාරු අනතුරේ සිසු මරණවල වගකිවයුත්තා කින්නියා නගරාධිපති…

Rohan

lankacgossip | සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..

Rohan

lankacgossip | ලොකු ලූණු මිල වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රී ඉල්ලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy