Sinhala

lankacgossip | නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..


October 31, 2021 at 10:40 am | lankacgossip

නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

කහඳගම මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

380 views



Source link

Related posts

lankacgossip | 100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..

Rohan

lankacgossip | පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක්…

Rohan

lankacgossip | ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy