Sinhala

lankacgossip | ෆොන්සේකා, තලතා, නලින්, මනුෂ මන්ත‍්‍රී ධුරවලින් අස්වෙන්න යයි..


October 30, 2021 at 3:00 pm | lankacgossip

ෆොන්සේකා, තලතා, නලින්, මනුෂ මන්ත‍්‍රී ධුරවලින් අස්වෙන්න යයි..

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා උතුරු නැගෙනහිර හැර සෙසු පළාත් සඳහා මහ ඇමැති අපේක්ෂකයන් ලෙස එම පළාත් නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනප්‍රිය මන්ත්‍රීවරුන් නම් කිරීමට එහි මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කොට තිබේ.

මේ පිළිබඳ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ එවැනි කතිකාවක් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින බවය.

ඒ අනුව බස්නාහිර පළාත් සඳහා සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා, දකුණු පළාත් සඳහා මනුෂ නානායක්කාර, සබරගමුව පළාත් සඳහා තලතා අතුකෝරාල, වයඹ පළාත් සඳහා නලින් බණ්ඩාර, මධ්‍යම පළාත් සඳහා මයන්ත දිසානායක, උතුරුමැද පළාත සඳහා හිටපු ඇමැති පී. හැරිසන් යන අය නම් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා එහි ප්‍රධාන විධායක හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන අය නම් කිරීමට බලාපොරොත්තුවන මහ ඇමැති අපේක්ෂකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

3,647 views



Source link

Related posts

lankacgossip | අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා..

Rohan

lankacgossip | 68,000 චීස් හොරා කෑම පත්තු වේ.. ‘හොරා හොරා’ කොළඹ නගර සභාව ගාලගෝටියක්.. දෙදෙනෙක් සභාවෙන් පන්නති..

Rohan

lankacgossip | දින 10කට පසු ගෑස් ලොරියක් එයි.. ගැස් ගන්න පාරිභෝගිකයන් පොරකති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy