Sinhala

lankacgossip | මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..


October 30, 2021 at 8:02 am | lankacgossip

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..

දිනෙන් දින ඉහල යන භාණ්ඩ මිල අතර වාහන අමතර කොටස් ද ඉන් ප්‍රධාන එකක් වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවද පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක ට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මේ අනුව වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

– කැලුම් ආර්. පුත්තලම

420 views



Source link

Related posts

lankacgossip | පොහොර ඉල්ලා කදුකරයේ මහ විරෝධතා.. නගර රැසක් වසා දමති..

Rohan

lankacgossip | ‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි..

Rohan

lankacgossip | ඥාණසාර හිමි හෙලිකල උලමා රහස් වීඩියෝවෙන් මුස්ලිම් සමාජය කැළඹෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy