Sinhala

lankacgossip | මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…


October 30, 2021 at 1:20 pm | lankacgossip

මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…

එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.

එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.

මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්ය යන්න අමාත්‍යවරයාගේ මතය බව සඳහන්ය.

මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත සිය දැඩි විරෝධය දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය රජයට දැනුම් දී ඇත.

මෙම කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පත්වීම ගැන පක්ෂ නායකයන් ගණනාවක් සිය අකමැත්ත පලකර තිබිණි.

– deshaya

999 views



Source link

Related posts

lankacgossip | සුළි සුලගකින් වහලවල් ගැලවී යයි…

Rohan

lankacgossip | දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ..

Rohan

lankacgossip | කොරෝනා මරණ තවත් නගී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy