Sinhala

lankacgossip | පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..


October 30, 2021 at 12:00 pm | lankacgossip

පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

මහජන බැංකුව චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කිරීම පිළිබඳ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් පළ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ චීන සමාගම වෙනුවෙන් නිකුත් කර ඇති ණයවර ලිපියට මුදල් ගෙවීමට මහජන බැංකුවට නොහැකි වී ඇත්තේ අධිකරණය විසින් ගෙවීම් අත්හිටුවමින් නිකුත් කර ඇති වාරණ නියෝගය නිසා බවයි.

එසේ නොවන්නේ නම් මුදල් ගෙවීමේ ගැටලුවක් නොමැති බවද පවසන කබ්රාල් මහතා මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

චීන සමාගමක් විසින් මෙරටට පොහොර ගෙන්වීමෙන් පසු ඒ සඳහා අදාළ ණයවර ලිපියට අදාල මුදල් ගෙවීම පැහැර හැරයේ යැයි චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව ඔවුන්ගේ අසාදු ලේඛණයට ඇතුලත් කර තිබේ.

1,276 views



Source link

Related posts

lankacgossip | සරත් වීරසේකර හිට්ලර් කෙනෙක්.. ලොකුගේ, වීරසේකර, සාගර විනය පරීක්‍ෂණ කරනු – ජගත් කුමාරගෙන් ප‍්‍රහාරයක්..

Rohan

lankacgossip | රටේ අනාගතය අදුරුයි.. මේ අවුරුද්ද හොදටම අමාරුයි..

Rohan

lankacgossip | අනාගතයේ කිසිදා ලේ ගංඟා මරණ බිය අපේ රටේ ඇති නොවේවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy