Sinhala

lankacgossip | ධාරානිපාත වර්ෂා.. නුවරඑලිය සහ කදපොල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ.. එලවළු වගාවට හානි…


October 30, 2021 at 5:30 pm | lankacgossip

ධාරානිපාත වර්ෂා.. නුවරඑලිය සහ කදපොල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ.. එලවළු වගාවට හානි…

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (29)දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (29) දින රාත්‍රියේ සිට (30) දින අලුයම තෙක් විවෘත කර ඉන් වාන් දොරටු දෙකක් මේ වන විට වසා දමා ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

නුවරඑලිය සහ කදපොල ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය, හාවාඑලිය ,නුවරඑලිය නගරයේ පහත්බිම් රැසක් සහ  නිවාස රැසක්ද ජලයෙන් යට වි තිබු බවත්, කදපොල ගල්පාලම ප්‍රදේශයේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වු බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

නුවරඑලිය නගරයේ සහ හාවාඑලිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද (29) දින රාත්‍රියේ බාධා පැමිණ තිබුණි.

ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

344 views



Source link

Related posts

lankacgossip | මාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව බංකොලොත්…

Rohan

lankacgossip | පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන්ට නඩු නොදැම්මොත් අපි අත දානවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy