Sinhala

lankacgossip | චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..


October 30, 2021 at 10:00 am | lankacgossip

චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..- අගමැති

ආන්දෝලනයකට තුඩු දී තිබෙන චීනයෙන් මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයා සමග අදහස් පල කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ එම පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව දේශීය වෙනත් තෙවන පාර්ශවයකට පරික්ෂා කිරීමට ඉඩ දී ඒ අනුව තීරණය කිරීම සුදුසු බවයි.

එමෙන්ම දෙරට අතර පවත්නා මිත්‍රත්වයට හානියක් නොවන ආකාරයෙන් ගැටලුව විසඳාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ සිටින චීන තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී බවය.

කෙසේ වෙතත් එම සාකච්ඡාව පැවැත් වී තිබුණේ චීනයෙන් මෙරටට ස්වැප් පහසුකම යටතේ ලබා දීමට නියමිතව තිබූ ණය මුදලක් සම්බන්ධයෙනි.

පොහොර තොගය පිළිබඳ කාරණය වැඩිදුරටත් සොයා බලා චීන තානාපතිවරයා යලි සම්බන්ධ කර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තාව තව දුරටත් කියයි.

630 views



Source link

Related posts

lankacgossip | බැරිනම් අස්වී ගෙදර යන්න..

Rohan

lankacgossip | ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්..

Rohan

lankacgossip | අලුත් අවුරුද්දේ සිමෙන්ති මිල 100කින් වැඩි කරයි.. වසරක් ඇතුලත 400කින් නැගලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy