Sinhala

lankacgossip | ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..


October 30, 2021 at 10:40 am | lankacgossip

ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..- පොහොට්ටුවෙන් සෙසු පක්‍ෂවලට කියයි..

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් ඊයේ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව සම්බන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ එකට වැඩ කළ නොහැකි නම් වෙන් විය යුතු බවයි.

මේ බව සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

——

මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ! .හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.

අපි හැමදාම එකම විදියට හිතලා, එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් හොයනවා. යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න.

ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා.හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ.එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ.ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.

ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන් නෑ.රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.ඍතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු,බිහිසුනු වගේම ව්‍යසනකාරි ඍතුවක්.

මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී ඍතුවට ඔරොත්තු දෙන්නමයි.
ඍතුව තේරුම් අරන් එක්ව වැඩකරමු.
එහෙම බැරිනම් වෙන්වෙමු!

මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

241 views



Source link

Related posts

lankacgossip | ජයරුවන් රහස් පොලිසි නොපැමිණේ.. ඔහු වෙනුවෙන් සජිත්ගේ නීති ලේකම් පැමිණේ…

Rohan

lankacgossip | චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..

Rohan

lankacgossip | නුවරඑලිය සතිපොලේ සියළුම එලවළු 450න් ඉහල… පාරිභෝගිකයන් මිලට නොගනිති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy