Sinhala

lankacgossip | අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…


October 30, 2021 at 9:20 am | lankacgossip

අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට දැඩි ලෙස දොස් පවරා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පාරේ ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමු ප්‍රදේශ සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති වරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබේ.

තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ.

1,041 views



Source link

Related posts

lankacgossip | ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…

Rohan

lankacgossip | ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න රජයේ සේවකයන් නිවාඩු ඉල්ලයි…

Rohan

lankacgossip | අගරදගුරු තවත් පියතුමන් දෙදෙනකුගේ ප‍්‍රාණ ඇපකරුවන් වෙලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy