Sinhala

lankacgossip | රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි…


October 29, 2021 at 4:40 pm | lankacgossip

රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි…

සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (29) දින නාවලපිටිය ශ්‍රි  පාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරිමට යෝජිත දාහත් රියන් බුබුලාකාර ධාතු මන්දිරයක් සහිත ස්ථුපයේ ඉදි කිරිම් අරම්භ කිරිමේ අවස්තාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුතගමගේ මහතා කියා සිටියේ ලෝක කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්ත සම්පුර්ණයෙන්ම කඩා වැටිම නිසා රටේ ආදායම් තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව මේ රටේ බහුතර පිරිසකට එන්නත්කරණය සිදු කර ඇත.

කුමන බාධක පැමිණියද රටේ ආර්ථිකය ඉහල දමමින් රටේ සංවර්ධන කටයුතු එලෙසෙම සිදු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,046 views



Source link

Related posts

lankacgossip | රටේ අනාගත පරපුර නගාසිටුවන්න රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා…

Rohan

lankacgossip | 31 රාත්‍රියේ මත්පැන් සාදවලට ඉබ්බන් රංචුවක් අල්ලලා..

Rohan

lankacgossip | පැනඩෝරා චෝදනා බහුතරයක් බොරු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy