Sinhala

lankacgossip | පලමුව රටයි.. සේසස දෙවනුවයි.. පොහොට්ටු මන්ත‍්‍රී පේ‍්‍රමානාත් දොලවත්ත ඊයේ පිටකෝට්ටේ සමුළුවේ..


October 30, 2021 at 12:02 am | lankacgossip

පලමුව රටයි.. සේසස දෙවනුවයි.. පොහොට්ටු මන්ත‍්‍රී පේ‍්‍රමානාත් දොලවත්ත ඊයේ පිටකෝට්ටේ සමුළුවේ..

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් (29) පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී සිය මංගල සැසිය පැවැත්වීමට මහජන මන්ත්‍රණ සභාව කටයුතු යොදා තිබිණි.

පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීම නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිදු කළහ. මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභික, විදුලි ඉංජිනේරු අතුල වන්නිආරච්චි සහ ජීව බල විදුලි සංගමයේ විදුලි ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ යන විද්වත්හු කෙටි දෙසුම් පැවැත්වූහ.

මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මූලාසන මණ්ඩලය නියෝජනය කළහ.

මෙම අවස්ථාවට ඕමාරේ කස්සප නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
මහජන මන්ත්‍රණ සභාව

171 views



Source link

Related posts

lankacgossip | පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යලිත් වාහන බලපත‍්‍ර.. අත්පොලසන් ජයඝෝෂා මැද යෝජනාව සම්මතයි…

Rohan

lankacgossip | සරත් වීරසේකර හිට්ලර් කෙනෙක්.. ලොකුගේ, වීරසේකර, සාගර විනය පරීක්‍ෂණ කරනු – ජගත් කුමාරගෙන් ප‍්‍රහාරයක්..

Rohan

lankacgossip | “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ ගෝඨාභය රාජපක්ෂ” ජනපතිට ගෞරව නාමයක් පුදයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy