Sinhala

lankacgossip | ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. අද කොළඹ රැස්වීම ස්ථිරයි..


October 29, 2021 at 9:20 am | lankacgossip

ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. අද කොළඹ රැස්වීම ස්ථිරයි..

ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29 වැනිදා) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ නායකයෝ පැවසූහ.

– Aruna

1,659 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නෑ.. රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දමයි..

Rohan

lankacgossip | මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…

Rohan

lankacgossip | සුළි සුලගකින් වහලවල් ගැලවී යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy