Sinhala

lankacgossip | කෙසෙල්ගමුඔය පිටාර ගලයි… පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි…


October 29, 2021 at 5:30 pm | lankacgossip

කෙසෙල්ගමුඔය පිටාර ගලයි… පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (29) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගලා ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා ඇත.

කෙසෙල්ගමුඔය පිටර ගැලිමත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් හරහා පිහිටා ඇති වතු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වි ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

284 views



Source link

Related posts

lankacgossip | පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

Rohan

lankacgossip | දිනකට ළමා අපචාර 25කට වඩා…

Rohan

lankacgossip | පොහොර ලැබෙන බව තහවුරු වීමෙන් ගොවීන් කුඹුරු අස්වද්දති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy