Sinhala

lankacgossip | ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..


October 27, 2021 at 10:00 am | lankacgossip

ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..- අදානි කියයි…

ශ්‍රී ලංකාවේ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව තම සංචාරයේදී ගවේෂණය කළ බව ඉන්දීය අදානි ව්‍යාපාරයේ හිමිකරු වූ ගෞතම අදානි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව මෙම ව්‍යාපෘති පිළිබඳව සිය අවධානය යොමු වූ බවයි.

අදාළ පණිවිඩයට ශ්‍රී ලංකා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ගත් පින්තූරද ඔහු එක්කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදානිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කර ඇති බවයි.

ඔහුගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කරන ලද අතර විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරීන් පිරිසක් ද හමුවිය.

245 views



Source link

Related posts

lankacgossip | හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..

Rohan

lankacgossip | ජල ටැංකියක් යුදහමුදාවෙන් පුපුරවා බිම හෙලයි…

Rohan

lankacgossip | මහින්ද සේ සැරසී ගොවි විරෝධය මැදට ආ අයෙකු හූ කියා පන්නයි.. සාටකයෙන් අදී.. පොලුවලින් ගහන්න යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy