Sinhala

lankacgossip | කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..


October 27, 2021 at 8:40 am | lankacgossip

කබ්රාල් ඉල්ලු බලය ලැබෙයි.. සිවු ගුණයකින් බලවත් වෙයි.. කැබිනට් ඇමති සේ වෙයි..

මහබැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු සේ බලතල ලබාදීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව මහ බැංකු අධිපති තනතුර මෙරට රාජ්‍ය ධූරාවලියේ පස්වන ස්ථානයේ එනම් කැබිනට් අමාත්‍යවරයෙකු සේ සේ සලකා කටයුතු කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔක්තෝබර් මස දොළොස්වෙනි දින මෙම රාජ්‍ය බල ධූරාවලිය සංශෝධනයකට ලක් කරමින් මහ බැංකු අධිපති ධුරය උසස් කර තිබේ.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය පැවැතියේ විසිවෙන ස්ථානයේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලද්දේ එම ධුරය සඳහා කැබිනට් බලතල ලබා දෙන්නැයි ඉල්ලීමක් රජ ජනාධිපතිවරයාගෙන් කරමිනි.

178 views



Source link

Related posts

lankacgossip | රට බංකොලොත් වීම අනිවාර්යයි.. චීන තානාපති අනවශ්‍ය ඇගිලි ගැසීමක..

Rohan

lankacgossip | අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Rohan

lankacgossip | ලිතුවෙිනියාවෙන් ගෙනා කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබායි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy