Sinhala

lankacgossip | Exclusive : ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව එකග වේ..


October 26, 2021 at 3:00 pm | lankacgossip

Exclusive : ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව එකග වේ..

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ වී තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ මෙරට පරීක්ෂණාගාර වල සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම දන්වා ඇති බවයි.

අදාල පොහොර නිෂ්පාදන සමාගම ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් බවත් එනිසා එහි ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ගන්නැයි චීනය ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පොහොර සාම්පල නැවත පරික්ෂා කිරීම සඳහා දෙපාර්ශවය එකඟ වන තුන්වන පාර්ශවය දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා වූ බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ මෙම පොහොර තොග තුන්වෙනි පාර්ශ්වයකින් යළි පරික්ෂා කරන ලෙස චීනය ඉල්ලීමක් කර ඇති බවයි.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බවද ඔහු පැවසීය.

311 views



Source link

Related posts

lankacgossip | ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති..

Rohan

lankacgossip | ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි..

Rohan

lankacgossip | ඩඩ්ලිගේ හාල් මිල ආණ්ඩුව විසි කරයි.. හාල් මිල වැඩි කරන්නේ ඩඩ්ලිනම් අපි මොකටදැයි අසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy