Sinhala

lankacgossip | ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..


October 26, 2021 at 10:22 pm | lankacgossip

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.

එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.

දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ.

667 views



Source link

Related posts

lankacgossip | රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy