Sinhala

lankacgossip | මහ පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් අල්ලයි..


October 26, 2021 at 2:18 am | lankacgossip

මහ පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් අල්ලයි..

කිලිනොච්චිය පොලිස් වසමේ පෙරියකුලම් කට්ටයිකාඩු ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පෙරියකුලම් වැව ආසන්නයේ පිහිටි ඇල මාර්ගයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් සිටි අයෙකු සමගින් මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල සැකකරු කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකම නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් බෙදාහරින ප්‍රධාන ජාවාරම් කරු ලෙසටද තොරතුරු අනාවරනය වී ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් නිශ්පාදනාගාරයේ තිබී ගෝඩා ලීටර් 1620 ක් නීතිවිරෝධී මත්පැන් ලීටර් 120 ක් දැවි ගෝඩා සමග බැරල් 5 ක් සමග තවත් බැරල් 9 ක් ඇතුලු නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා යොදාගන්නා උපකරන රැසක් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කට්ටයිකාඩු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිලිනොච්චිය පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බලකා යාපනය කලාප අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්ෂණයන් පරිදි ප්‍රාදේශීය අණදෙන නිලධාරී තුමන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චිය පොලස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී තුමන් ඇතුලු පිරිසක් විසින් මෙම නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාරය වැටලීම සිදුකරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Rohan

lankacgossip | මෙරට ප්‍රථම වැලි කඳු ධාවන පථය විවෘත කරයි.. නාමල්-ප්‍රසන්න ත‍්‍රාසජනක ධාවනයේ..

Rohan

lankacgossip | ජනපති හා ලෝක බැංකු පිරිසක් නාගලගම් වීදියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy