Sinhala

lankacgossip | පාදෙණිය ජනාධිපතිට බොරු කියයි… Knoema වාර්තාව මෙන්න…


October 25, 2021 at 2:10 pm | lankacgossip

පාදෙණිය ජනාධිපතිට බොරු කියයි… Knoema වාර්තාව මෙන්න…

පසුගිය දා ජනාධිපතවරයා සමග පැවති සාකච්චාවකදී වෛද්‍ය පාදෙනිය මහතා පැවසුවේ හයිටියේ රාජ්‍යයේ පාසල් දරුවන්ට ටැබ් ලබාදීම නිසා එරටෙහි දරුවන්ගේ ආයු කාලය අවුරදු 95 සිට 45 දක්වා පහත වැටි ඇති බවකි.

එම රාජ්‍යය ලංකාවට වඩා දුප්පත් රටක් වන අතර පසුගිය දශක කිහිපය තුල දරුනු සිවිල් යුද්ධයකට මුහුන දී තිබෙන රටකි.

එම රටෙහි මිලියන 11 ක් පමන ජනතාවක් ජීවත්වන අතර එරටෙහි වාර්ශික ඒක පුද්ගල ආදායම් ඇ.ඩො. 2800 කි. ශ්‍රි ලංකාවේ එය ඩොලර් 4000 කට ආසන්නව පවති. Link

හයිටි රාජ්‍යයෙහි 1970 වර්ශයේදි පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයුකාලය වසර 46 ක් වූ අතර වර්තමානයේ ආයුකාලය වසර 64 ක් දක්වා ඉහල ගොස් ඇත. Link

එමෙන්ම හයිටි රාජ්‍යයෙහි ලියවිම සහ කියවිමේ හැකියාව එනම් සක්ෂරතාවය 61%කි. එය අපේ රටෙහි 91.7 % කි. Link

පාදෙනිය මහතා හයිටි රාජ්‍ය ලංකාවට උදාහරණයක් ලෙස පෙන්වන්නේ එම රාජ්‍ය සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව බව හයිටි රාජ්‍ය ගැන හැදාරිමෙන් පෙනියයි.

එමෙන්ම මෙරටේ ආරක්ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමානයක් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයෙහි සේවය කල අතර එරටෙහි ජනතාව සම්බන්ධයෙන් ඔහුන් ඉතා හොදින් දනි.

846 views



Source link

Related posts

lankacgossip | ගුරුවරුන්ගේ පමණක් වැටුප් වැඩි කලොත් වර්ජන රැල්ලක්…

Rohan

lankacgossip | රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

Rohan

lankacgossip | විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy