Sinhala

lankacgossip | කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..


October 25, 2021 at 10:40 am | lankacgossip

කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.

අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්‍ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.

පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබින.

1,025 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 144ක්…

Rohan

lankacgossip | කෘෂිකර්මයට කාර්ය සාධක බලකායක්….

Rohan

lankacgossip | පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy