Sinhala

lankacgossip | දැඩි පොලිස් ආරක්ෂාව මැද උප සභාපතිවරයෙකු පත් කර ගනී…


October 22, 2021 at 6:20 am | lankacgossip

දැඩි පොලිස් ආරක්ෂාව මැද උප සභාපතිවරයෙකු පත් කර ගනී…

කොටගල ප්‍රාදේශිය සභාවේ පුරප්පාඩුව පැවති උප සභාපතිධුරය සදහා තොරාපත් කර ගැනිමේ නිලවරණය (21) දින මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණ.

කොටගල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කල ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආර්.ජෙයකාන්තන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව එම තනතුරු පුරප්පාඩු වි තිබුණි.

එම ප්‍රාදේශිය සභාවේ නව උප සභාපතිවරයා වශයෙන් අයියාදොරේයි බාලසුබ්‍රමණියම් මහතාගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) නම එම ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශික සභා මන්ත්‍රි  ජෙයකාන්තන් සුරේෂ් මහතා විසින් යෝජනා කිරිමෙන් අනතුරුව එම යෝජනාව එම ප්‍රදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි  පෙරුමාල් නේෂන් මහතා විසින් ස්ථිර කරනු ලැබුහ.

උප සභාපතිවරයා වෙනුවෙන් වෙනත් නම් යෝජනා නොවු නිසා එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් අයියාදොර් බාලසුබ්‍රමණියම් මන්ත්‍රිවරයා නිතරගයෙන් තේරි පත් විය .

කොටගල ප්‍රාදේශිය සභාව මන්ත්‍රිවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් 09 දෙනෙක් , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ 01 මන්ත්‍රිවරයෙක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 04 දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයෙන් 01 සහ ජනතා විමුක්ති පෙරමුණින් 01 අයෙක් ඇතුළු 16 දෙනෙකුගෙන් නියෝජනය වෙයි.

නිලවරණය පැවති (21) දිනයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා පමණක් සභාවට පැමිණ සිටි අතර , විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රිවරුන් නිලවරණයට සහභාගි නොවිය.

කොටගල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා තොරාපත් කර ගැනිමේ නිලවරණයට ප්‍රාදේශිය සභාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

212 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ අදත් අඩුයි..

Rohan

lankacgossip | තවත් ජ්‍යේෂඨ ඇමතිවරයෙක් අස්වෙන්න යයි.. ජනපති එන තෙක් මග බලයි..

Rohan

lankacgossip | නිරූපමා ‘පැනඩෝරා’ ගැන අගමැතිගේ අවධානය..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy