Sinhala

lankacgossip | සිමෙන්ති ගන්න පෝලිමේ… සිමෙන්ති දෙන්නේ තවත් බඩු ගත්තොත් පමණයි.. ඒත් සීමිතයි..


October 21, 2021 at 12:49 pm | lankacgossip

සිමෙන්ති ගන්න පෝලිමේ… සිමෙන්ති දෙන්නේ තවත් බඩු ගත්තොත් පමණයි.. ඒත් සීමිතයි..

හැටන් නගරයේ සිමෙන්ති හිගයක් පැවතිම හේතුවෙන් ගොඩනැගිලි ඉදි කරන කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ගොඩනැගිලි ඉදි කරන පිරිස් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

හැටන් ප්‍රදේශයේ සිමෙන්ති මිටියක් මිල දි ගැනිමට සිමෙන්ති අලෙවි කරන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් වලට කලින් මුදල් ගෙවා පොරොත්තු ලේඛණයේ සිටිය යුතු බවත්,එසේ මුදල් බැද පොරොත්තු ලේඛණයේ සිටින අයට සිමෙන්ති මිටි කිහිපයක් පමණක් අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

හැටන් නගරයේ සිමෙන්ති මිටියක් රු 1200 ක් වැනි මිලකට ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් වෙතින් නිකුත් කරනු ලබන අතර,එම වෙලදසැල් වලින් ගොඩනැගිලි  ද්‍රව්‍ය  මිල දි ගන්නා අයට ප්‍රමුඛතාවය ලබා දි සිමෙන්ති නිකුත් කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

හැටන් නගරයේ සිමෙන්ති අලෙවි නියෝජිතයන් විසින් ඔහුන්ට අයත් ගබඩා වල සිමෙන්ති තොග රැස් කර සගවා තබන වැඩි මිලට අලෙවි කරන බවටද ප්‍රදේශවාසින් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප හැටන් නගරයේ සිමෙන්ති අලෙවිකරුවෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තමන්ට ඉතා සිමිති සිමෙන්ති ප්‍රමාණයක් ලැබෙන බවත්,එම ප්‍රමාණය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට මදි නිසා සිමෙන්ති හිගයක් පවතින බවයි.

තම වෙලදසැලින් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දි ගන්නා අයට සිමෙන්ති ලබාදිමට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවයි එම සිමෙන්ති අලෙවි නියෝජිතයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,717 views



Source link

Related posts

lankacgossip | ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

Rohan

lankacgossip | රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට…

Rohan

lankacgossip | ‘රස වැඩියෙන් ලුණු අඩුවෙන්’ ආහාර පිසීමේ ජාතික අභියෝගය අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy