Sinhala

lankacgossip | සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.. තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්..?


October 21, 2021 at 10:40 am | lankacgossip

සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.. තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්..?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන තෙල් ‍ප‍්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 වන දා දක්වා පමණක් බව ඛණිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියා සිටියි.

ඉන්ධන නැවක් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වනදා බවද ඔවුන් සඳහන් කරයි.

ඉන්ධන අර්බුදයක් ඇති බවත් එය ඉදිරි දිනවලදී පැහැදිලි වනු ඇති බව ද වෘත්තීය සමිති කියා සිටියි.

වාණිජ කර්මාන්ත හා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ රට ගැන සිතා මෙම තොරතුරු අනාවරණය නො කිරීමට කොතරම් උත්සාහ කලත් එය කළ හැක්කේ තවත් දින කිහිපයකට පමණක් බවයි.

ඉදිරි දින කීපය ප්‍රමාණවත් තරම් බොරතෙල් නැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වේගය සීමා කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

සේ වෙතත් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඊයෙ ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණි බවයි.

මෙරට තුල මේ මොහොතේ ඉන්ධන අර්බුදයක් මෙරට නැති බවද කී ඔහු ගතවූ දින වල වැඩිපුර පාරිභෝගිකයන් ඉන්ධන ලබාගත් නිසා පරිභෝජනය ඉහළ ගිය බවද කියා සිටියේය.

276 views



Source link

Related posts

lankacgossip | පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්..

Rohan

lankacgossip | ‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති ජොන්ස්ටන්ගේ නිවසේ.. ආරක්ෂාව කුරුණෑගල නගරාධිපතිගෙන්..

Rohan

lankacgossip | සපුගස්කන්ද වැසීමෙන් බලාගාරවලට දැවිතෙල් නෑ.. නොරොච්චෝලට ගල් අගුරු නෑ.. පැය 12ක විදුලි කප්පාදුවක්..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy