Sinhala

lankacgossip | පාසලටම විදුහල්පතිනිය හා සිසුවියක් පමණයි.. ගුරුවරු කිසිවෙකු නෑ..


October 21, 2021 at 12:00 pm | lankacgossip

පාසලටම විදුහල්පතිනිය හා සිසුවියක් පමණයි.. ගුරුවරු කිසිවෙකු නෑ..

හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය සිංහල විදුහල 21වන දින විවෘත කිරිමට පියවර ගෙන තිබුනද එම විදුහලේ විදුහල්පතිනිය පමනක් සේවයට වාර්ථාකර  තිබුනි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි  එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියානි රම්‍යලතා මහත්මිය පවසන ලද්දේ මෙම විදුහලේ ගුරුවරුන් 15 දෙනකු සේවයහ කරන බවත් එම ගුරුවරුන් කිසිවෙකුත් 21වන දින සේවයට වාර්ථා කර නොමැති  බවත්ය.

එමෙන්ම මෙම විදුහරෙල් සිසු සිසුවියන් 115 දෙනකු අධ්‍යාපනය ලබන බවත් එයින් එක් සිසුවියක් පමනක් පාසලට පැමිනි බවත් පසුව එම සිසුවියද ඇයගේ සොහොයුරකු ගෙන්වා යලි නිවසට  පිටත් කර හැරිමට පියවර ගත් බවද විදුහල්පතිනිය පවසන ලදි.

හැටන් කලාපයේ විදුහල් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ මෙම කලාපයේ සිසුන් 200ට අඩු පාසල් 74ක් පවතින බවත් එම විදුහල් අතරින් විදුහල් 30ක අධ්‍යාපන කටයුතු 21වන දින ආරම්භ කිරිමට හැකිවු බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

958 views



Source link

Related posts

lankacgossip | ‘එක් ගමකට එක් බෝගයක්’ ලෝක ආහාර සංවිධානයේ පැසසුමට…

Rohan

lankacgossip | ලංකාවේ ඩොලර් නෑ කියා ඉන්දීය සැපයුම්කරුවන් බඩු දෙන්න බෑ කියති…

Rohan

lankacgossip | ජනාධිපති මට බැන්නා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy