Sinhala

lankacgossip | අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…


October 21, 2021 at 8:40 am | lankacgossip

අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…

හේන් ගොවිතැනෙහි නිරත මහියංගණ ප්‍රදේශීය ලේකම්කොට්ඨාසයේ දුශ්කරම ග්‍රාම නිළධාරි වසමක් වන කුකුළාපොල වසමේ සියළුහේන් ගොවීන් එක්ව පමණ ගොවි විරෝධතාවක් පැවැත්වූහ.

එහිදී ගොවීන් සඳහන් කළේ වී වගාව නොකරන තමන් හේන් ගොවිතැනින් පමණක් ජීවනෝපාය සරිකර ගන්නා බවයි.

‘වන අලි කරදරය අපිට කිසි අඩුවක් නැතිව ලැබෙනවා.අපේ වගාවට සමාවක් නැතිව බැට දෙනවා.අමාරුවෙන් බේරා ගන්නා කොටසින් තමයි අපි ජීවත් වෙන්නේ.කොරෝනාවෙන් ඒකත් අහිමිවුනා.අපිට වතුර හම්බවෙන්නෙත් හරි අමාරුවෙන්.අපට වෙනත් ආදායමක් නෑ.එක පාරම පෙහොර නැවැත්තුවාම අපි මොකද කරන්නේ.අපිට කන්න වෙන්නේ මහපොළොවේ පස්.ණය ගෙවා ගන්න බැරිවුනාම වෙන්නේ මැරෙන්න.ඒ නැතුව අපි මොනවා කරන්නද?ඔය කියන කොම්පෝස්ට් වලින් අපි ඔය වැඩේ කෙරුවා.මෙන්න තියෙනවා.කොළාපටින් වැහුණු හනසු විතරක්.බෙහෙතට එක ඇටයක් හොයා ගන්න බැහැ’ යි පැවසූහ.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරුවක් රැගෙනවිත් සිටි විරෝධතාකරුවන් එය පොළොවේ ගසා,අගමැතිවරයාගේ ඡායාරූපයට බඩ ඉරිඟු කවන ලදී.

මේ අතර වීවගාවට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මහියංගණ පදියතලාව හාර්ගයේ 49 කණුව වෙල්යායේදි දේව කන්නලව්වක් සංවිධානය කර තිබිණි.ගොවීන් හා සමගි ජන බලවේගයේ සහියංගණ සංවිධායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එක්ව සංවිධානය කළ මෙම දේව කන්නලව්වේදී, ගොවි ජනතාවගේ වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදීමට රජයට හැකිවේවායි ඉල්ලමින් පොල් ගසමින් ප්‍රාර්ථනා කළහ.

– සී.කුමාර,ගිරාඳුරුකෝට්ටේ

294 views



Source link

Related posts

lankacgossip | බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…

Rohan

lankacgossip | ග්‍රෙනේඩ් ආරම්භ කලේ ටිකිරි බණ්ඩාරගේ හමුදාවයි..

Rohan

lankacgossip | දේශපාලකයා යකා නටයි… ගිනි අවියක් සමග අත්අඩංගුවට.. තිදරු මවකටත් පහර දීලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy