Sinhala

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..


October 21, 2021 at 12:02 am | lankacgossip

ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නැනෝ නයිට‍්‍රජන් දියරය නිෂ්පාදනයක් ලෙස ගතහොත් රසායනික ද‍්‍රව්‍යයක් බව කිසිවකුට කිව හැකි යයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඊට විරුද්ධ නොවන බවද කී ඔහු එහි ජීවී ද‍්‍රව්‍ය නැති නිසා එය අකාබනික ලෙසද පැවසිය හැකි යයිද කීය.

නමුත් සත්‍ය නම් මෙය විශේෂිත පොහොරක් බවත් යූරියා කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක් වෙනුවට මෙම දියරය මිලි ලීටර 500 ප්‍රමාණයක් ප‍්‍රමාණවත් යයිද පැවසීය.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එමෙන්ම වගාවන්හි වල් මර්දනය සඳහා අනුමත වල් නාශක අවශ්‍ය ප්‍රමාණයන් ගෙන්වීමට අවසර දීමට තීරණය කර ඇති බවද ඒ මහතා පැවැසීය.

අහිතකර බැක්ටීරියා තිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද පොහොර නෞකාව නැවතත් ශ්‍රී ලංකාව වල එන බවට තොරතුරු ඇතත් මුහුදේ නැවු ගමනාගමනය නැවැත්වීමට තමනට නොහැකි බවද ඔහු කීය.

එම පොහොර නැවත ගෙනාවද මෙරට ගොඩබෑමට නොහැකි බවත් ගොඩබෑවද රට තුලට ගැනීමට නොහැකි බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

24 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | සතොස සුදුළෑණු වංචාව යට ගහන්න නිලධාරින්ට අල්ලස් දෙමින්..

Rohan

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy