Sinhala

lankacgossip | ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..


October 20, 2021 at 4:40 pm | lankacgossip

ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..

අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාවට සහන දී කබලෙන් ලිපට වැටීම වළක්වා ගැනීමට මුලින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම පලාත් සභා මැතිවරණයට අදාල පනත් සංශෝධනය කල යුතු බවත් එම කටයුතු සඳහා තවත් මාස හත අටක් යනු ඇති බව ද ඔහු කියා සිටී.

එම කාලය වන විට ආණ්ඩුව ගන්නා ලද බොහෝ ක‍්‍රියාමාර්ග සමග ජනතාව එකතු වනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉන්පසුව මැතිවරණයකින් ජය ගැනීමට හැකිවනු ඇති බවත් එසේ නො සිතා හෙටම ඡන්දය තියන්න පැවැත්වීම කල නොහැකි සේම පැවැත්තුවොත් ආණ්ඩුවට අවාසි බවද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

24 views



Source link

Related posts

lankacgossip | පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

Rohan

lankacgossip | සදුදා විවෘත කරන්න එපා.. රට තව දුරටත් වසා දමන්න.. Sinopharm එන්නතේ මරණ අනුපාතය වැඩියි..

Rohan

lankacgossip | ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy