Sinhala

lankacgossip | අවුරුද්දකට ඉන්ධන ගන්න 20 අවුරුද්දක් ගෙවන්න ණයක් ගනී.. ඩොලර් බිලියන 3.6ක්…


October 20, 2021 at 11:20 am | lankacgossip

අවුරුද්දකට ඉන්ධන ගන්න 20 අවුරුද්දක් ගෙවන්න ණයක් ගනී.. ඩොලර් බිලියන 3.6ක්…

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ඔ්මානය අතර ණය පහසුකම් ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම ඉදිරි සතියේ දී අත්සන් තැබීමට නියමිත බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම ණය පියවීම සඳහා වසර 5ක සහන සමග වසර විස්සක කාලයක් යටතේ මෙම ණය පහසුකම ලබා ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 18ක් පාඩු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරටට ඉන්ධන වියදම ලෙස මසකට ඩොලර් මිලියන 350ක් පමණ වියදම් වැයවන අතර මෙම ණය මුදල වසරක පමණ ඉන්ධන වියදමට ප්‍රමාණවත් වෙයි.

500 views



Source link

Related posts

lankacgossip | බඩු ගන්න ජනතාවට සල්ලි නැතිනම් අපට කරන්න දෙයක් නෑ..

Rohan

lankacgossip | නරි නීතිවලට අපි බය නෑ.. ගුරු-විදුහල්පති සටන යලි මහ පාරට ගේනවා..

Rohan

lankacgossip | පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා.. දෙනවානම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් දෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy