Sinhala

lankacgossip | මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..


October 20, 2021 at 12:02 am | lankacgossip

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා රාත්‍රියේ මළගෙදරකට ගියහොත් පොහොර ප්‍රශ්නය ජනතාව බීලා බනින බවත් ඔවුන්ගෙන් බැනුම් අහන්නට වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රසායන පොහොර සමග වගා කරන්නට පුරුදු වී සිටින ජනතාව ක්‍ෂණිකව වෙනස් කළ නොහැකි බවද කී ඔහු ආණ්ඩුව කළේ සරම මහන්නට පෙර කලිසම ගැලවීම වැනි කටයුත්තක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනක් ඉන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

191 views



Source link

Related posts

lankacgossip | මහා වැහි එනවා.. දැඩි අනතුරු ඇගවීම්…

Rohan

lankacgossip | ‘මැණ්කේ මගේ හිතේ’ කඨින පෙරහැරවල එපා..

Rohan

lankacgossip | රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි වීමක් ඉදිරියේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy