Sinhala

lankacgossip | වතුකරයත් පාරට බහී.. රසායන පොහොර ඉල්ලයි.. බඩු මිල අඩු කරන්න කියයි..


October 17, 2021 at 8:02 am | lankacgossip

වතුකරයත් පාරට බහී.. රසායන පොහොර ඉල්ලයි.. බඩු මිල අඩු කරන්න කියයි..

ජිවන වියදම ඉහල යාම සහ තේ වගාවට සහ එලවළු වගාවට රසායන පොහොර ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානය (16) දින තලවකැලේ නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

කම්කරු ජාතික පෙරමුණ ,කම්කරු ජාතික සංගමය සහ කදුරට ජනතා පෙරමුණේ සමාජිකයන් එක් කරගනිමින් දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වන පලනි දිගම්බරම් , වි.රාධාක්‍රිෂ්ණන් , එස්.උදයකුමාර් සහ කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝගනේෂන්, මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.වේළුකුමාර් යන මහතුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණය සිදු කෙරිණ.

උද්ඝෝෂණයට සහභාගි වු පා.ම කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහල යාම හමුවේ වතුකරයේ ඇතුළු සමස්ත රටේ ජනතාවගේ ජිවන වියදම ඉහල ගොස් ඇති බවයි.

රසායනික පොහොර නොමැති විම නිසා තේ වගාවේ ඵලදාව අඩු වි ඇති බවත්, ඒ තුලින් වතු කම්කරුවන්ගේ වැඩ දින ගණන අඩු නිසා ඔහුන්ගේ ආර්ථික තත්ත්වය පහල වැටි ඇති බවයි.

වතු කම්කරුවන් අමතර අදායමක් ලබා ගැනිමේ අරමුණින් එලවළු වගාව සිදු කලද එම එලවළු වගාව සිදු කිරිමට රසායනික පොහොර කෘමිනාශක නොමැති විම නිසා ඔහුන්ගේ එලවළු වගාවේ අදායමද පහත වැටි ඇති බවයි.

මෙම උද්ඝෝෂනයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන අයතන වල මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

151 views



Source link

Related posts

lankacgossip | විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Rohan

lankacgossip | කොරෝනා පරීක්‍ෂණ විශාල ප්‍රමාණයකින් අඩු කරලා… ආසාදිත සංඛ්‍යාලේඛණ වැරදියි..

Rohan

lankacgossip | මහ කන්නය ගොවියාට ලොකු පාඩුවක් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy