Sinhala

lankacgossip | පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..


October 17, 2021 at 1:20 pm | lankacgossip

පොහොර ඉල්ලා විරෝධතා.. වෙලදසැල් වසා හර්තාල්..

එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එලවළු වගා ගොවින් , ගොවි සංවිධාන සහ ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව (17) දින උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලට එක් වු ප්‍රදේශයේ ගොවි සංවිධාන, එහි සමාජිකයන් , නුවරඑලිය ව්‍යාපාරික ප්‍රජාව , ප්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව ප්‍රධාන තැපැල් කාර්යාලය අසල උද්ඝෝෂණය පවත්වා පසුව නුවරඑලිය නගරයේ විරෝධතා පෙලපාලියකද නිරත විය.

නුවරඑලිය එලවළු ගොවින්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් උද්ඝෝෂණය පැවැත් වු පැයකට ආසන්න කලායක් වෙලදසැල් වසා දමා උද්ඝෝෂණයට සහය දැක් විටම කටයුතු කලහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලිය ගොවි සංවිධාන සමාජිකයන් සහ ගොවින් කියා සිටියේ කාලයක් තිස්සේ තමන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් එලවළු වගාව සාර්ථකව සිදුකරගෙන පැමිණි බවයි.

තම වගාවන්ට  අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විමෙන් එලවළු වගාවේ ඵලදාව අඩු වි ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.

නුවරඑලිය එලවළු වගා ගොවින්ට රසායනික පොහොර සහ කෘෂි රසායනික දව්‍ය ලබාදෙන ලෙසත්, එසේ රසායනික පොහොර ලබාදිමට නොහැකි නම් ආනයනික පොහොර ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලියේ එලවළු  රජයෙන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

65 views



Source link

Related posts

lankacgossip | පාම්තෙල් ආයනික බදු අඩුකරගෙන පොල්තෙල් වලට කවලම් කර විකිණිමේ සූදානමක්….

Rohan

lankacgossip | ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..

Rohan

lankacgossip | බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy