Sinhala

lankacgossip | පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..


October 16, 2021 at 10:00 am | lankacgossip

පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..

රට පුරා ගොවීන් මුහුන දෙන පොහොර ප්‍රශ්නය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්වී ඇති බව ඇමතිවරුන් ගණනාවක් විසින් කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබේ.

අවසන්වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් ගණනාවක් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පොහොර ප්‍රශ්ණය විසඳීමට වහා මැදිහත් වන ලෙසයි.

මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත්වීමක් නොකළහොත් රජයටද ඒ ඉතා අවාසිදායක වනු ඇතැයි එම ඇමතිවරුන් පිරිස පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාබනික වගාවට ගොවීන් යොමු කිරීමට තීරණය කරන ලද්දේ රටේ හෙට දවස ගැන වෙනුවෙන් බවත් එය ජනප්‍රිය තීරණයක් නොවන බව තමන් දන්නා බවත් ය.

තමන්ට අවශ්‍ය නම් ජනප්‍රිය තීන්දුවක් ගෙන රසායනික පොහොර ආනයනය කර දිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද වාර්තා වෙයි.

එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

806 views



Source link

Related posts

lankacgossip | මා කිසි අවස්තාවක බීමතින් ගිහින් නෑ.. බන්දනාගාරයට ගිනි අවි ගෙන ගියේ නෑ.. මට මඩ ගහනවා..

Rohan

lankacgossip | යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

Rohan

lankacgossip | වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy