Sinhala

lankacgossip | ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ.. චීනය, සිංගප්පූරුව, මැලේෂියාවත් එසේයි..


October 16, 2021 at 4:40 pm | lankacgossip

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ.. චීනය, සිංගප්පූරුව, මැලේෂියාවත් එසේයි..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය ක්‍රියාමාර්ග නතර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එසේ නොකර සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් බිහි කළ නොහැකි බව ද ඔහු පැවසීය.

චීනය සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල නායකයන් එම රටවල් දියුණ කර ඇත්තේ එලෙස කටයුතු කිරීමෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රජයේ තීරණ නොතකමින් වෘත්තීය සමිති තම සීමාව ඉක්මවා යන්නේ නම් එය එය නතර කිරීමට රජය ක්‍රියාත්මක විය යුතු බවත් එය මර්දනයක් හෝ තර්ජනයක් විය හැකි බවද ඔහු පැවසීය.

මෙරට පැවති සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස වැනි රජයන් විසින් විරෝධතා ඒ ආකාරයෙන් මර්දනය කර සිය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් පැවසූ මන්ත්‍රීවරයා එසේ නොකර රට කිසිදා දියුණු කළ නොහැකි බවද කියා සිටියේය.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

24 views



Source link

Related posts

lankacgossip | උතුරේ ආයුධ සන්නද්ද නැගිටීමක්.. පසුපස ඉන්දියාව සහ රෝ…

Rohan

lankacgossip | මෙරටට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවට..?

Rohan

lankacgossip | ඩොලර් නෑ.. දේශීය සමාගම්ද ලංකාව හැර යන බව කියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy