Sinhala

lankacgossip | IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ..


October 15, 2021 at 10:02 pm | lankacgossip

IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ..

ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට තෙල් වෙලදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ලංකා ඉන්දීය තෙල් සමාගම බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග ඉන්ධන බෙදාහැරීම අලාභ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මෙම තත්ත්වය මත එම ඉන්දන සැපයුමද ලංකා ඛණිජ තෙල් නීති කළ සංස්ථාවේ බෙදුම්හල් වෙත පැමිණිමත් සමග එහි අලාභය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන මිල වැඩි කිරීම තවත් ඉක්මන් විය හැකි බවත් ඇතැම් විට ඉන්දීය තෙල් සමාගමේ සිදුකරමින් සිටින්නේ තෙල් සංස්ථාවේ අලාභය වේගවත් කර ඉන්ධන මිල වැඩි කිරීම ඉක්මන් කරවීමේ උපක්‍රමික වැඩපිළිවෙළක් විය හැකි බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිකිරීම සදහා ඉන්දීය තෙල් සමාගම දැනට දින කිහිපයකට පෙර අවසර ඉල්ලා තිබුනේ ඉන්ධන අලෙවිය අලාභ බව පවසමිනි.

1,765 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..

Rohan

lankacgossip | පොස්පේට් පොහොර බෙදා හැරිමේ බලය රාජ්‍ය පොහොර සමාගම්වලට…

Rohan

lankacgossip | බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy