Sinhala

lankacgossip | දේශිය කිරිපිටිත් මිල ඉහල දමයි…


October 15, 2021 at 12:40 pm | lankacgossip

දේශිය කිරිපිටිත් මිල ඉහල දමයි…

දේශිය වෙලදපොලේ මෙතෙක් පැවති කිරිපිටි හිගය නිමා කරමින් කිරිපිටි ආනයනික මෙරට සමාගමක් විසින් (15) දින සිට වෙලදසැල් වලට නව මිලට කිරිපිටි නිකුත් කිරිම ආරම්භ කර ඇත.

කිරිපිටි කිලෝවක මිලක රු 1125, ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 480 ක් වැනි මිලකට (15) දින සිට නිකුත් කරන බව එම සමාගමේ නිලධාරියෙකු කියා සිටියේ.

එම කිරිපිටි සමාගම විසින් පසුගිය දින කිහිපය තුල වෙලදපොලට නිකුත් කල කිරිපිටි පැකට් ප්‍රමාණයට වඩා (15) දින සිට කිරිපිටි පැකට් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි එම නිලධාරියා කියා සිටියේ.

වෙලදසැල්වල කිරිපිටි අලෙවි කිරිමට නොතිබිම නිසා පසුගිය දින වල පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දේශිය කිරිපිටි සමාගමක්ද (15) දින සිට වෙලදපොලට නිකුත් කරනු ලබන ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 470 වැනි මිලකට අලෙවි කරන අතර , නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ පිහිටි කිරිපිටි අලෙවිසැලක නව මිලට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට විශාල පිරිසක් එම අලෙවිසැල ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

– හැටන් රංජිත් රාජපක්ෂ

639 views



Source link

Related posts

lankacgossip | මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට පාරිභෝගික අධිකාරිය නඩු දමයි..

Rohan

lankacgossip | සුමන්තිරන්ට එරෙහි උතුරේ විරෝධතා.. ධීවරයින් මුහුදු නොයයි… වෙළඳසැල් වසා අනුරුවකට ගිනිත් තබයි…

Rohan

lankacgossip | ජනපති ‘ගම සමග පිලිසදර’ පසු විපරමට යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy