Sinhala

lankacgossip | ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…


October 15, 2021 at 4:40 pm | lankacgossip

ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…

දිනපතා ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී ජනතාවට වහාම සහන ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මුදල් ඇමතිතුමන් මේ සම්බන්ධව සලකා බලා ඉදිරි අයවැයෙන් අඩු ආදායම්ලාභි ජනතාවට සහනයක් සැලසිය යුතු බවද ඔහු කියා සිටියේය.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම වැඩි නොවුන වියදම වැඩි වී ඇති නිසා ඔවුන් ඉතාම පහල අඩියකට වැටී බරපතළ ප්‍රශ්නකාරී තත්වයකට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තවත් මාස හයක් පමණ යන විට රට තත්වයට හොඳ අතට එනු ඇතැයි ද පැවසූ ඔහු ජනාධිපති අගමැති හා මුදල් ඇමති එක්වී රට ගොඩ ගනු ඇතැයි දැඩි විස්වාසයක් ඇති බවද කියා සිටියේය.

කොළඹ මේ මාධ්‍ය අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

262 views



Source link

Related posts

lankacgossip | පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා.. නැතිනම් සල්ලි ගෙවනවා..

Rohan

lankacgossip | ඩීසල් 25කින් ඉහලට.. රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි.. ජල-විදුලි ගාස්තු ඉහලට..

Rohan

lankacgossip | පොහොර නෑ.. ස්ට්‍රෝබෙරි වගාකරුවන් වගා අතහරිති..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy