Sinhala

lankacgossip | ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..


October 14, 2021 at 10:22 pm | lankacgossip

ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

මෙවර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර තිබේ.

කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බවද ඔහු අවධාරණය කරයි.

ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙ.ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වැරදි තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය.

මෙනිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

1,341 views



Source link

Related posts

lankacgossip | මා සුවපත් කිරීම හාස්කමක්.. සෑම Yorker එකක් hat trick එකක් ගානෙම ඒලියන්ත වයිට්ට පින්..

Rohan

lankacgossip | ඒලියන්ත වයිට්ට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. ඔහු කිසිම එන්නත් මාත‍්‍රාවක් ගෙන නෑ..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර රැසක් වරායේ හිරවේ.. මිල විශාල ලෙස ඉහල යාවි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy