Sinhala

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා..? ගොඩබාන්න සූදානම්..?


October 15, 2021 at 12:01 am | lankacgossip

ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා..? ගොඩබාන්න සූදානම්..?

හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය සහිත නැව නැවතත් සිංගප්පූරුවේ සිට මෙරට බලා පැමිණෙමින් ඇතැයි සමගි ජනබලවේගය සඳහන් කරයි.

එම පොහොර තොගය මෙරටට ඇතුළුවීමට වැලැක්වීමට රජය ගන්නා පියවර කුමක්දැයි එම පක්‍ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී හැරිසන් මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා විසින් එම පොහොරෙ සාම්පල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය දැඩි බලපෑම් කළ නමුත් ඒවා විෂ සහිත යයි කීමට ආණ්ඩුවේ බලධාරීන්ට ශක්තියක් නොතිබූ බවද ඔහු පැවසීය.

මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාද සඳහන් කරන්නේ ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි.

තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටී.

0 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…

Rohan

lankacgossip | ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය..

Rohan

lankacgossip | පොලිස් නිලධාරීන් පත් කිරීම දේශපාලනීකරණය වෙලා.. සෞභාග්‍යයේ දැක්ම අතහැර පිස්සු කෙලිනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy