Sinhala

lankacgossip | ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..


October 14, 2021 at 6:20 am | lankacgossip

ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් භික්ෂූන් වහන්සේලා සහ ජාතික සංවිධාන හමුවෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයේ පිහි‍ටි තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට උත්සාහ දරමින් සිටින බවට මේ දිනවල ප්‍රචාරයක් ගෙනයමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 11 දින පැවති මාධ්‍ය හමුවේදී පාලු ගෙවල් වල වළං බිඳිමින් බොරු ප්‍රචාර සිදු නොකර තමා හා රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කර සිටියේය.

එම විවාදයේදී තමන් වැරදි බව ඔප්පු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් තමන් ඔවුන්ගේ තෙල් ටැංකි රැකගැනීමේ සටනට එක්වන බවත් ඔවුන් පවසන්නේ බොරු බව ඔප්පු වුවහොත් බොරු බිල්ලන් මවමින් ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් ඔවුන් ජනතාවගෙන් සමාව ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .

2021 ඔක්තෝබර් 14 වන දින රාත්‍රී 10:30 ට හිරු බලය වැඩසටහන ඔස්සේ මෙම විවාදය සජීවීව විකාශය කෙරේ.

අරවින්ද අතුකෝරාල
මාධ්‍ය ලේකම්

418 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ අදත් අඩුයි..

Rohan

lankacgossip | මහින්ද සේ සැරසී ගොවි විරෝධය මැදට ආ අයෙකු හූ කියා පන්නයි.. සාටකයෙන් අදී.. පොලුවලින් ගහන්න යයි..

Rohan

lankacgossip | වරායේ සිරවූ බහාලුම් නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy