Sinhala

lankacgossip | රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…


October 13, 2021 at 3:50 pm | lankacgossip

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…- චමල්

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.

ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.

1,054 views



Source link

Related posts

lankacgossip | යුගදනවි ගිවිසුම මා දැක්කේ නෑ..

Rohan

lankacgossip | මහ කන්නයට හිඟයකින් තොරව කාබනික පොහොර… ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්….

Rohan

lankacgossip | උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy